ඉඩම් පරිපාලනය යටතේ ලබාදෙන සේවාවන්
01. රජයට ඉඩම් අත්පත් කර ගැනීම
02. රජයට අත්පත් කර ගත් ඉඩම් අවසතු කිරීම
03. රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරීම
04. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කල බලපත්‍රයක් අවලංගු කිරීම
05. රජයේ ඉඩම් කෘෂිකාර්මික, වාණිජ කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම
06. දීමනා පත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම
06. රජයේ ඉඩමක් නේවාසික කටයුත් සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම
07. දීමනා පත්‍ර ඉඩමක මුල් අයිතිය ලබා දීම
08. බලපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම
09. බෞද්ධ විහරස්ථාන සඳහා නිදහස් දීමනා පත්‍ර ලබා දීම
10. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා දීම
රජයට ඉඩම් අත්පත් කර ගැනීම
අරමුණ
රජයේ අවශ්‍යතා සඳහා හා පොදු මහජන කටයුතු සඳහා විවධ පාර්ශවයන්ගෙන් ඉඩම් අත්පත් කර ගැනීම
අවශ්‍ය සුදුසුකම්
අනුමැතිය ලද අත්පත් යෝජනාව
රජයේ අයවැයෙන් මුදල් වෙන් කර තිබීම
අවශ්‍ය ලිපි ලේඛන
ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව
ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ දෙවන වගන්තියේ නියමය
රජයට අත්පත් කරගත් ඉඩම් අවසතු කිරීම
අරමුණ
රජයේ අවශ්‍යතා සඳහා හා පොදු මහජන කටයුතු සඳහා විවිධ පාර්ශවයන්ගෙන් කඩිනම් ක්‍රමවේදය යටතේ අත්පත් කර ගත් ඉඩම් අතුරින් තවදුරටත් අවශ්‍ය නොවන බව හැඟීයන ඉඩම් නැවත මුල් ඉඩම් හිමියන් වෙත අවසතු කිරීම
අවශ්‍ය සුදුසුකම්
ඉඩම් තව දුරටත් රජයට අවශ්‍ය නොවන බවත් ඒ බැවින් අවසතු කිරීම කල යුතු බවටත් ඉඩම් අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රකාශය හා එයට සමගාමී 39(1) යටතේ ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රකාශය ලබා ගැනීමේ ආකෘතිය, ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කර තිබිය යුතුය
අවශ්‍ය ලිපි ලේඛන
ඉඩම් තවදුරටත් රජයට අවශ්‍ය නොවන බවත්, එබැවින් අවසතු කිරීම කල යුතු බවට ඉඩම් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රකාශය
39(1) යටතේ ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රකාශය ලබා ගැනීමේ ආකෘතිය
ඉඩම් සදහා වන්දි කිසිවක් ගෙවා නොමැති බවට සහතිකය
එම ඉඩම් තුල රජයේ වියදමින් කිසිඳු සංවර්ධන කාර්යයක් සිදු කර නොමැති බවට සහතිකය
ඉඩම නැවත භාර ගැනීමට කැමති බවට හිමිකරුගේ / හිමිකරුවන්ගේ සහතිකය
රජයේ ඉඩමක් ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍ර නිකුත් කිරීම
අරමුණ
රජයේ ඉඩමක් ගොවි පන්තිය, අඩු ආදායම්, සහ උගත් තරුණයන් හා වැඩි ආදායම්ලාභීන් වෙනුවෙන්, සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරීම
අවශ්‍ය සුදුසුකම්
- ඉඩම් සඳහා ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබීම
- ඉල්ලුම්කරුට වෙනත් ඉඩම් නොමැති වීම
- අඩු ආදායම් පන්තියේ හා ගොවි පන්තියේ උගත් තරුණයෙක් වීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉඩම් නොමැති තැනැත්තන්ගේ නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ ඉල්ලුම්පත්‍රය
- ඉඩම් කච්චේරිය සඳහා ඉල්ලුම් පත්‍රය















