ව්‍යාපාර නාම ලියාපදිිංචි කිරීම
- ව්‍යාපාර නාම ලියාපදිංචිය
- ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම
- ව්‍යපාර නාම ලියාපදිංචිය සංශෝධනය
- තනි පුද්ගල ව්‍යාපාර නාම ලියාපදිංචිය හවුල් ව්‍යපාරයක් බවට පත් කිරීම
- ව්‍යාපාර නාම ලියාපදිංචිය අවලංගු කිරීම
ව්‍යාපාර නාම ලියාපදිිංචිය
- තනිපුද්ගල
- හවුල්
පියවර
- අයදුම්කරු විසින් සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය වෙළෙඳ බලපත්‍රය සමඟ භාර ගැනීම
- වාර්තා කැදවීමේ ලිපි සැකසීම
- අදාළ වාර්තා ලැබීමෙන් අනතුරුව ගොනු සැකසීම
- ගොනු සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයට හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිට ඉදිරිපත් කිරීම
- ව්‍යාපාර නාම ලියාපදිංචියට අනුමැතිය ලද ගොනු සඳහා මුදල් අය කිරීම
- සහතික සැකසීම සහ අත්සනට ඉදිරිපත් කිරීම
- සහතික නිකුත් කිරීම
“ ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ඇතුළත ව්‍යාපාර නාම රෙජිස්ටාර් වෙත දැන්විය යුතුවේ. දින 14 පසුව ලිත් මසක් සඳහා රු.25/- බැගින් ඳඩ නියමවේ. සහතිකය සඳහා අනිවාර්ය ගාස්තුව රු.500/- අයකරනු ලැබේ”
“ ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය ලබාගැනීට ඉල්ලුම්කරු සිය ජාතික හැදුනුම්පත රැගෙන පැමිණීම අනිවාර්යවේ.”
“ ලියාපදිංචි සහතිකය වෙනත් අයෙකුට පැවරීමක් කළ නොහැක”
අවශ්‍ය ලේඛන
- ඉල්ලුම් පත්‍රය
- වෙළෙඳ බලපත්‍රය ( ප්‍රාදේශීය සභව වෙතින් ලබා ගන්නන)
- ඉඩමෙහි අයිතිය සනාත කිරීමට අදාළ ලේඛන
- ඔප්පු /බලපත්‍ර හෝ බදු කුලී ගිවිසුම
( ග්‍රාම නිලධාරි වෙතින් සත්‍ය පිටපත් කර ලබා දෙන්න)
- ඉඩමෙහි හිමිකරු වෙනත් අයෙක් නම් ඔහුගේ කැමැත්ත
(ලිපිය ග්‍රාම නිලධාරිගේ තහවුරුව සහිත විය යුතුය)
- ඔප්පු බලපත්‍ර නොමැති නිරවුල් භුක්තිය සහිත ඉඩමක් නම්
ඒ බව ග්‍රාම නිලධාරි වෙතින් සනාත කළ ලිපිය
- ව්‍යාපාරයෙහි ස්වාභාවය අනුව ග්‍රාම නිලධාරි/සංවර්ධන නිලධාරි සහ සෙසු ආයතන
වෙතින් වාර්තා කැදවනු ලැබේ.
ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම
ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයක් විකෘති වු විට හෝ අස්ථානගවු විට ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික පිටපත්ක් නිකුත් කළ හැක.
අවශ්‍ය ලේඛන
1. ඉල්ලීම් ලිපිය
- දිරාගිය/ ඉරීගිය සහතිකය ඇත්නම්
හෝ
නිකුත් කළ ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය අස්තානගතව ඇත්නම් පොලිස් පැමිණිල්ල
( ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන විට බැංකු වෙතින් වාර්තා කැඳවනු ලැබේ.)
ව්‍යපාර නාම ලියාපදිංචිය සංශෝධනය
අවශ්‍ය ලේඛන
- ඉල්ලීම් ලිපිය
- 7 වගන්තිය යටතේ වු වෙනස්කම් ප්‍රකාශය
- නිකුත් කළ සහතිකය
- ග්‍රාම නිලධාරි වාර්තාව
( ව්‍යාපාර නාම සංශෝධන ගාස්තුව රු.250/- කි. සංශෝධනය සිදු වි 14 ඉකුත්ව දන්වා ඇත්නම් සමකට රු 25/- බැගින් ඳඩ නියම කෙරේ)
තනි පුද්ගල ව්‍යාපාර නාම ලියාපදිංචිය හවුල් ව්‍යපාරයක් බවට පත් කිරීම
අවශ්‍ය ලේඛන
- ඉල්ලීම් ලිපිය
- 7 වගන්තිය යටතේ වු වෙනස්කම් ප්‍රකාශය
- නිකුත් කළ සහතිකය
- වෙළෙඳ බලපත්‍රය (හවුල්කරුවන්ගේ නම් සහිත)
ව්‍යාපාර නාම ලියාපදිංචිය අවලංගු කිරීම
අවශ්‍ය ලේඛන
- ඉල්ලීමේ ලිපිය
- වෙළෙඳ කටයුතු නතර කළ බව දැන්වීම
- ග්‍රාම නිලධාරි වාර්තාව
ආදායම් සහතික
ආදායම් සහතික
- ආදායම් සහතිකය නිවැරදිව පුරවා ග්‍රාම නිලධාරි වෙතින් නිර්දේශ කර ලබා දෙන්න. ආදායමෙන් 1% ක මුදලක් අය කරනු ලැබේ.
- ගොවිතැන සඳහා අර්ද්‍ර වාර්ෂික ආදායම් සහතිකයක් නිකුත් කළ හැකි අතර වාර්ෂික ආදායම 100000/- අඩු වන අවස්ථාවන්හිදී පමනක් එම අය වෙත අර්ද්‍ර වාර්ෂික ආදායම් සහතිකයක් නිකුත් කල හැකිය.
- ආදායම් සහතික නිකුත් ලළ පසු කිසිදු හේතුවක් මත නැවත සංශෝධනය කළ නොහැක.















