1933 වසරේ දී පමණ මින්නේරිය ගොවි ජනපදය පිහිටුවීමේ කාර්යය ආරම්භ කළා. අක්කර 2000ක පමණ භූමි ප්‍රදේශයකින් යුක්ත වුණු එම ජනපදයේ පදිංචි කරවීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ තෙත් කලාපයේ ජීවත් වුණු ගොවීන් ඒ සඳහා තෝරා ගත්තා.
එහි දී මින්නේරිය ජනපදයට යාමට සුදුසුකම් ලබා ගත් ගොවීන්ට ගොඩින් අක්කර 2ක් සහ මඩින් අක්කර 5ක් ලබා දුන්නා.
එහෙත් ගොවීන්ගේ පසු පරම්පරාවන් සමහරකගේ ඉඩම් ගැටළු තාමත් එහෙමමයි.පහුගිය මාස 10 යේ අපි මේ කටයුතු වේගවත් කරලා බලපත්‍ර හා දීමනා පත්‍ර අටසීයකට ආසන්න සංඛ්‍යාවක් ලබා දීලා තියෙනවා .අද දවසෙත් රොෂාන් රණසිංහ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ඔප්පු හා බලපත්‍ර 350 ක් ලබාදීම සිදුකරා.




















