මව්බිමට සවිදුන් මිනිසුන්ගේ නිරවුල් බිම්කඩක හිමිකම තේමාව කරගනිමින් තමන්කඩුව හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි ගොවි පවුල් දහසක් වෙත ඉඩම් බලපත්‍ර - දීමනාපත්‍ර හිමිකම් ප්රදානය කිරීමේ උත්සවය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2022.03.20 දින පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පවත්වන ලදී.
මෙම අවස්ථාවට පොළොන්නරුව මහා නගර සභාවේ නගරාධිපති ගරු චානක සිදත් රණසිංහ මැතිතුමන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.





















